2013 දෙසැම්බර් 11 වැනි දින සීෂෙල්ස් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.
2014 ජූලි 2 වැනි දින ඇෆ්ඝනිස්ථානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වැනි සංවත්සරයත්, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබීමේ 60 වැනි සංවත්සරයත් 2015ට යෙදී තිබිණි.
ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 පෙබරවාරි 7 වැනි දින ඉතියෝපියාවේ හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.
2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකාව ඔටාවා සම්මුතිය හෙවත් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතිය හා එක්විය. සම්මුතියට එක්වූ 163 වැනි රාජ්‍යය ශ්‍රී ලංකාවයි.
2018 මාර්තු 01 වැනි දින ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි සම්මුතියට (ඔස්ලෝ සම්මුතිය) එක් විය. පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම තහනම් කරන නෛතික ලියැවිල්ලක් වන මෙම සම්මුතිය මානවවාදී අවශ්‍යතා විසින්නිර්මාණය කරන ලද්දකි.
2019 පෙබරවාරි 28 වැනි දා සයිප්‍රසය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹන ලදී.
2019 මැයි 10 වැනි දා ගැම්බියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹන ලදී.

