1993
නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1995
ඔස්ට්‍රියාවේ වියෙනා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය නියෝජිත කාර්යාලය විවෘත කිරිම.
1996
දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
1996
ජෝර්දානයේ අම්මාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරිම.
1997
ලෙබනනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1997 මැයි 7 වැනි දින ලෙබනනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1997
ලෙබනනයේ බෙයිරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1997
කටාර් රාජ්‍යයේ දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1997
සවුදි අරාබියේ ජෙඩා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම.
1997
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1999
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම.
1999
වෙසක් දිනය එක්සත් ජාතීන් විසින් පිළිගත් දිනයක් බවට පත් වේ.
වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දිනයක් බවට පත් කිරීම පිණිස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා විසින් කරන ලද යෝජනාව ඇතුළත් 54/115 යෝජනා සම්මතය 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරගන්නා ලදී. ඒ අනුව, වර්තමානයේදී වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ දිනයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් සැමරෙයි.
1999
ජර්මනියේ බොන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බර්ලින් නුවර වෙත රැගෙන ඒම.

