1967
Visit of UN Secretary General U Thant to Sri Lanka
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඌ තාන්ට් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර 1967 අප්‍රේල් 10 වැනි දින කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය විවෘත කළේය.

1968
1968 නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විවෘත වෙයි.
1970
Establishment of Diplomatic Relations with Singapore
සිංගප්පූරුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

1970 ජූලි 27 වැනි දින සිංගප්පූරු ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.

1970
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1970
Establishment of Diplomatic Relations with Kenya
කෙන්යාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1970
කෙන්යාවේ නයිරෝබි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1971
Establishment of Diplomatic Relations with Kuwait
කුවේට් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

1971 පෙබරවාරි 19 වැනි දින කුවේට් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.

1971
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.
1972
Establishment of Diplomatic Relations with Bangladesh
බංග්ලාදේශය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.
1972
Establishment of Diplomatic Relations with Ethiopia
ඉතියෝපියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ඉතියෝපියානු ෆෙඩරල් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික  සබඳතා ආරම්භ කෙරිණි.

1973
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1974
 Sri Lanka presides over Law of the Sea Conference
ශ්‍රී ලංකාව සාමුද්‍රීය නීතිය පිළිබඳ සමුළුවේ සභාපතිත්වය දරයි.

සාමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තුන්වැනි සමුළුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ හැමිල්ටන් ෂර්ලි අමරසිංහ මහතා පත් කරනු ලැබිණි. ලෝකයේ සාගර භාවිතා කිරීමේදී රටවල් සතු අයිතීන් සහ වගකීම් නිර්වචනය කෙරෙන වැදගත් ලේඛනයක් වන සාමුද්‍රීය නීතිය පිළිබඳ සම්මුතිය නිර්මාණය වූයේ මෙම සමුළුවේ ප්‍රතිඵලයක් ලෙසය.