බෙල්ජියම් රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.
1953 දෙසැම්බර් 9 වැනි දින ජර්මානු ෆෙඩරල් ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.
1954 අප්‍රේල් 28 වැනි දින සිට මැයි 2 වැනිදා දක්වා මහනුවරදී පවත්වනු ලැබූ කොළඹ බලවතුන්ගේ සමුළුවේදී ආසියා-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවට ගාමක බලයක් ලැබුණු බවත් 1955 බැංඩුං සමුළුවට මාවත විවර වූ බවත් සැලකෙයි.
1955 අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියාවේ බැංඩුං නුවරදී හමුවූ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු හා අප්‍රිකානු රටවල් 29 ක් ආසියා-අප්‍රිකා සහයෝගීතාව සාකච්ඡාවට බඳුන් කොට නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයට පදනම සකස් කළේය.
1955 දෙසැම්බර් 14 වැනි දින, තවත් රටවල් 9 ක් සමඟ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
1955 නොවැම්බරයේදී තායිලන්ත රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවනු ලැබිණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ප්‍රථම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වූයේ අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය.
1956 ජූනි 1 වැනි දින ඊශ්‍රායල රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1953 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන මහතා 1955 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලංකා රජයේ නිරීක්ෂකවරයා වශයෙන් ඊට සහභාගී විය.
1956 දී ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම ලංකා නියෝජිතවරයා වශයෙන් සිය අක්තපත්‍ර භාරදුන්නේය.

