1949
 Diplomatic Relations with Myanmar
මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.

1949
මියන්මාරයේ රැංගූන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1949
Diplomatic Relations with Sweden
ස්වීඩනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

1949 නොවැම්බර් 18 වැනි දින ස්වීඩනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබිණි.  

1950
Colombo Commonwealth Conference on Foreign Affairs
විදේශ කටයුතු පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම, කොළඹ

1950 ජනවාරියේ කොළඹ පැවැති විදේශ කටයුතු පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේදී, සමාජ-ආර්ථික සංවර්ධන සහයෝගීතාව සඳහා කටයුතු කරන වේදිකාවක් වශයෙන් “කොළඹ ක්‍රමය” ට (දකුණු සහ අග්නිදිග ආසියාවේ සහයෝගිතා ආර්ථික සංවර්ධනය පිළිබඳ කොළඹ ක්‍රමය) පදනම වැටිණි.

1950
Diplomatic Relations with Indonesia
ඉන්දුනීසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

ඉන්දුනීසියා ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.

1950
Diplomatic Relations with Norway
නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

1950 ඔක්තෝබරයේදී නෝර්වේ රාජධානිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන ලදී.

1950
Opening of the High Commission of Sri Lanka in Islamabad, Pakistan.
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විවෘත කිරීම.

පෙබරවාරි මස 22 වැනි දින විවෘත කරනු ලැබූ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වර්තමානයේ.

1951
The Colombo Plan launched
කොළඹ ක්‍රමය ආරම්භ වෙයි.

1951 ජූලි 1 වැනි දින කොළඹ ක්‍රමය දියත් කරනු ලැබිණි.

1977 දී නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමෙන් අනතුරුව එහි නම “ආසියා ශාන්තිකර කලාපයේ ආර්ථික හා සමාජ සංවර්ධන සහයෝගීතාව සඳහා වූ කොළඹ ක්‍රමය” යනුවෙන් වෙනස් කරන ලදී. ආරම්භ කරන අවස්ථාවේ එහි සිටි සාමාජික රාජ්‍ය හතෙහි සිට ඉහළ නැඟුණු සාමාජික සංඛ්‍යාවේ සංස්ථිතියත්, සංවිධානයේ ක්‍රියාකාරකම්වල විෂය පථයත් පිළිබිඹු කිරීම පිණිස එසේ නම වෙනස් කරනු ලැබිණි

1951
 Free Health Policy in Sri Lanka
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ඇතුළත් මූලික මට්ටමේ සෞඛ්‍ය සේවකයන්ගෙන් සහ රට පුරා පිහිටි ජාතික හා මූලික රෝහල් ජාලයකින් සමන්විත නොමිලයේ සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ ප්‍රතිපත්තිය  සම්මත කරගැනීමෙන් ලෝකයේ බොහෝ කලාප සහ දකුණු ආසියානු කලාපය සමඟ සසඳා බලන විට ඉතා ඉහළ සමාජ සංවර්ධන දර්ශක අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

1952
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1952
 Diplomatic Relations with Japan
ජපානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ජපානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.

1952
Diplomatic Relations with Italy
ඉතාලිය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

ඉතාලි ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරිණි.