1981
සවුදි අරාබියේ රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1982
First UNESCO World Heritage Sites in Sri Lanka
ශ්‍රී ලංකාවේ ප්‍රථම යුනෙස්කෝ ලෝක උරුම.

පොළොන්නරුව ඓතිහාසික නගරය, සීගිරිය ඓතිහාසික නගරය සහ අනුරාධපුර පූජනීය නගරය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් විය.

අද වන විට රන්ගිරි දඹුලු විහාරය (1991), ගාලු කොටුව (1988), මහනුවර පූජනීය නගරය (1988), සිංහරාජ වනාන්තරය (1988) සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (2010) යන ස්ථානද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට එක් වී තිබේ.

1982
කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1983
ඉන්දියාවේ මුම්බායි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විවෘත කිරීම.
1985
South Asian Association for Regional Cooperation (SAARC) established
සාර්ක් සංවිධානය පිහිටුවෙයි.

1985 දෙසැම්බර් 8 වැනි දින ඪකා නුවරදී රටවල් හතක් විසින් සාර්ක් ප්‍රඥප්තියට අත්සන් තබනු ලැබීමෙන් කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංවිධානය (සාර්ක්) පිහිටුවනු ලැබිණි. ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයෙක් විය.

1987
කියුබාවේ හවානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1987
දකුණු කොරියාවේ සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1987
ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1990
ඉරානයේ ටෙහ්රාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1992
 Establishment of Diplomatic Relations with the Netherlands
නෙදර්ලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.

1992 නොවැම්බර් මාසයේදී නෙදර්ලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරිණි.

1993
නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.
1993
නෙදර්ලන්තයේ හේග් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම.