මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා 1931 ජූනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන ලදී.
නිදහස ලැබීමට පෙර සහ වෙනත් බොහෝ රටවලට පෙර ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සර්වජන ඡන්ද බලය ලබා දුන් ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙයි.
අවුරුදු පහෙන් ඉහළ සහ දහසයට නොවැඩි සෑම ළමයකුටම නොමිලයේ අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇති බව නියම කරමින් 1945 ඔක්තෝබර් 01 වැනි දින නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිණි.
පරම්පරා ගණනාවක ශිෂ්‍යයන් මෙයින් ප්‍රතිලාභ ලැබූ අතර සාර්වත්‍ර ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ සහස්‍රක සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීමට මේ නිසා ශ්‍රී ලංකාවට හැකි විය.
1947 මැයි මාසයේදී ඕස්ට්‍රේලියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.
1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාව ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙස නිදහස ලැබීය. ඊළඟ වසර 24 පුරා, එනම්, 1972 මැයි 22 වැනි දින දක්වා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ශ්‍රී ලංකාවේ ඩොමීනියන් තත්ත්වය පැවැතිණි. 1972 මැයි 22 වැනි දින ලංකාව ජනරජයක් බවට පත්වූ අතර ශ්‍රී ලංකා ජනරජය වශයෙන් එහි නම වෙනස් කරන ලදී.
1948 දී ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.
මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රය වර්තමානයේදී.
1948 ඔක්තෝබර් 27 වැනි දින ප්‍රංශ ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1948 ඔක්තෝබර් 29 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලදී. වොෂිංටන් නුවර ලංකා තානාපති කාර්යාලය පිහිටුවනු ලැබූ අතර පළමු තානාපතිවරයා වූයේ ශ්‍රීමත් ක්ලෝඩ් කොරයා මහතාය.
තුර්කි ජනරජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරනු ලැබිණි.

