කොන්සියුලර් සේවය
දහසයවන මහල, “සුහුරුපාය”
ශ්‍රී සුභූතිපුර පාර
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව
දුරකතන :+94 112 275 575
ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk
- දිවුරුම් ප්‍රකාශ/ ඇටෝර්නි බලපත්‍ර
- අස්ථානගතවූ විදෙස් ගමන් බලපත්‍ර පිළිබඳ පොලිස් වාර්තා සත්‍යාපනය කිරීම
- වරලත් හෝ වෘත්තීය ආයතන විසින් නිකුත් කරනු ලබන සහතිකපත්
- පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් විසින් නිකුත් කරනු ලබන සහතික
- ආගමික හෝ සංස්කෘතික ආයතන මගින් නිකුත් කළ සහතික
- විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සහතික
- කාර්මික සහ වෘත්තීය පුහුණුව වෙනුවෙන් වූ ආයතන විසින් නිකුත් කරනු ලබන සහතික
- දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විදෙස් විභාගවලට අදාලව නිකුත් කෙරෙන සහතික
- උප්පැන්න, විවාහ සහ මරණ සහතික
- අවිවාහකබව තහවුරු කෙරෙන සහතිකය
- දරුවන් කුලවැද්දීම පිළිබඳ සහතික
- පුරවැසි සහතිකය
- විදෙස් විශ්ව විද්‍යාලවලින් නිකුත් කරනු ලබන උපාධි පාඨමාලා සහතිකපත්
- දේශීය විශ්ව විද්‍යාල මඟින් පිරිනමන උපාධි පාඨමාලා සහතිකපත්
- ව්‍යාපාර/ සමාගම් හා සම්බන්ධ ලේඛන
- රියදුරු බලපත්‍ර
- අපනයන ලේඛන
- ග්‍රාම නිලධාරී සහතික
- අධිකරණ ලේඛන
- විවිධ රාජ්‍ය ආයතන මගින් කිසියම් ව්‍යවස්ථාපිත බලයක් යටතේ නිකුත් කරනු ලබන බලපත්‍ර හෝ ලේඛන
- වෛද්‍ය වාර්තා
- ජාතික හැඳුනුම්පත්
- විදේශ ගමන් බලපත්‍ර
- පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරනු ලබන පොලිස් නිෂ්කාශන වාර්තා
- විදෙස් රටවලින් නිකුත් කරන පොලිස් වාර්තා
- පොලිස් ස්ථාන මඟින් නිකුත් කරනු ලබන පොලිස් වාර්තා
- පාසල් හැරයාමේ සහතික
- පුද්ගලික ආයතන නිකුත් කළ සේවා වාර්තා
- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් නිකුත්කරන පුහුණු සහතික
මෘත දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම.
යෝග්‍යතාවය: ශ්‍රී ලාංකිකයෙක් වීම, විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයෙකු වීම.
අයදුම්පත ඉදිරිපත් කරන ආකාරය:
- කොන්සියුලර් අංශය වෙත සෘජුවම
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2017 අනුව සියළුම ප්‍රාදේශීය හා
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා
අයදුම්පත ලබාගත හැකි ස්ථාන: කොන්සියුලර් අංශය, 2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැඟිල්ල, කොළඹ 01.
අයදුම්පත ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
අයදුම්පත/භාරදිය හැකි වේලාවන්: සතියේ වැඩකරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා (නිවාඩු හා සති අන්ත දිනවලදී, අමාත්‍යාංශයේ කාර්ය භාර නිලධාරියාට අයදුම්පත භාරදිය හැකිය.
මෙම සේවාව සඳහා ගාස්තු අය නොකෙරේ.
මෙම සේවය ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛතා සේවය) :
විදේශීය සේවායෝජකයා හෝ අනුග්‍රාහකයා ලිපි ලේඛනවල කටයුතු නිමකළ වහාම
දින 3 – 15 ඇතුළත (සෞදි අරාබියේ සිට මෘතදේහ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී දීර්ඝ පටිපාටියක් අනුගමනය කිරීමට සිදුවන හෙයින් සති 2 – 3 ක් ගතවිය හැකිය.)
මෙහිදී අවශ්‍යවන ලේඛන:
- මියගිය පුද්ගලයා පිළිබඳ විස්තර: (විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්, ජාතික හැඳුනුම් පත හා උප්පැන්න සහතිකය)
- මෘතදේහය මෙහි ගෙන්වා ගැනීමට/ භූමදානය කිරීමට/ආදාහනය කිරීමට කැමැත්ත ලබාදෙමින් නීත්‍යානුකූල උරුමක්කාරයා විසින් ලබාදෙනු ලබන දිවුරුම් ප්‍රකාශය.
- මියගිය පුද්ගලයා විවාහක නම් එම සබඳතාවය තහවුරු කිරීම සඳහා අයදුම්කරු/පැමිණිලිකරුගේ විවාහ සහතිකය හා උප්පැන්න සහතිකය. මියගිය පුද්ගලයා අවිවාහක නම් දෙමාපියන් විසින් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතුය.
- විදේශීය සේවායෝජකයා/ නියෝජිතයා සමඟ සම්බන්ධවිය හැකි විස්තර හා නම.
- ශ්‍රී ලංකාවේදී මෘත දේහය භාරගන්නා පුද්ගලයා පිළිබඳ විස්තර
- නමෙහි යම් වෙනසක් ඇත්නම් ඊට අදාළ ලේඛන අවශ්‍ය වනු ඇත.
විදේශීය රටවලදී සිදුවූ මරණ ලියාපදිංචි කිරීම
- මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා, මරණ සහතිකය ලබාගැනීමට කොන්සියුලර් අංශය හරහා ඉල්ලුම් කළයුතු අතර එහිදී පහත අවශ්‍යතා සපුරාලිය යුතුය.
- සැකසුම් ගාස්තු ලෙස රු. 2, 170/- ක ගාස්තුවක් ගෙවා ලබාගන්නා කුවිතාන්සිය ඉදිරිපත් කළ යුතුය.
- අදාළ විදේශීය රට නිකුත් කළ මරණ සහතිකය, අවලංගුකළ විදේශ ගමන් බලපත්‍රය, මෘතදේහය භූමදානය කිරීම හෝ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
- අයදුම්කරු ළඟම ඥාතියා නොවන අවස්ථාවලදී, ළඟම ඥාතියාගේ අනුමැතිය අවශ්‍ය වේ.
- මුදල් ගෙවා ලබාගත් කුවිතාන්සියද රැගෙන රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය වෙත යායුතුය.
- මරණ ලියාපදංචියට අදාළ ලේඛන, අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයට යොමුකරනු ලැබේ.
- මරණ සහතිකයේ මුල් පිටපත කොන්සියුලර් අංශයෙන් ලබාගත හැකිය.
- මරණ සහතිකයේ අමතර පිටපත්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය.
අයදුම්පත/පෝරමය බාගත කිරීම:
විදේශයන්හිදී අතරමංවූ ශ්‍රී ලාංකිකයින් පෙරළා සියරට පැමිණවීමට අදාළව කන්සියුලර් කටයුතු අංශය කටයුතු කරයි.
යෝග්‍යතාව : විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්
අයදුම්පත ඉදිරිපත් කළයුතු ආකාරය:
- අයදුම්පත් කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත සෘජුව භාරදීම
- අවශ්‍ය තොරතුරු සමඟ අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් එවීම.(අයදුම්පත්‍රය මේ සමඟ අමුණා ඇත)
අයදුම්පත ලබාගත හැකි ස්ථාන:
කන්සියුලර් කටයුතු අංශය
16 වන මහල, "සුහුරුපාය"
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ලප්රාදේශීය කොන්සියුලර් කාර්යාලය – යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
මහනුවර පාර,
යාපනයමහනුවර
අංක 1065, 2 වන මහල,
මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය,
ගැටඹේ, පේරාදෙණිය,
මහනුවරකුරුණෑගල
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව,
අංක 02, දඹුල්ල පාර,
කුරුණෑගලමාතර
අංක 391, අනගාරික ධර්මපාල මාවත,
පඹුරණ,
මාතර- ත්‍රිකුණාමලය
ප්‍රධාන අමාත්‍ය ලේකම් කාර්යාලය,
ඇතුළත වරාය පාර,
ත්‍රිකුණාමලය
අයදුම්පත සඳහා ගාස්තු අය නොකෙරේ.
අයදුම්පත භාරදිය යුතු වේලාවන්: කාර්යාල දිනයන්හි පෙ.ව. 08.30 සිට ප.ව. 03.00 දක්වා
මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු අය නොකෙරේ.
සේවාව ලබාදීම සඳහා වැයවන කාලය:
- වාර්තා වී ඇති කරුණුවල වැදගත්කම මත තීරණය වේ.
- අදාළ රටවල විමර්ශන/ නෛතික කටයුතු අවසන් වූ වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කරනු ඇත.
අවශ්‍ය ලේඛන:
- විදේශ ගමන් බලපත්‍රෙය් විස්තර ඇතුලත් පිටුවේ පිටපතක්
- ජාතික හැඳුන්ම්පත පිළිබඳ සාක්ෂියක් හා පැමිණිලිකරු සම්බන්ධ කරගත හැකි විස්තර
- ළඟම ඥාතිවරයාගේ විස්තර
- විදේශයෙහි වෙසෙන පුද්ගලයා සම්බන්ධ කරගැනීම සඳහා අවශ්‍ය විස්තර
- දේශීය හෝ විදේශීය රැකියා ඒජන්සියෙන් ලබාගත් ලියකියවිලි සනාථ කිරීම
- විකල්ප: ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයෙන් ලබාගත් ලියාපදිංචි විස්තර

